චීන හමුදාවේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. හමුදා පාලනය සම්පූර්ණයෙන් ශක්තිමත් කළ යුතු බව ඔහු සඳහන් කරයි.
අගෝස්තු 1 වන දිනය එනම් චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ දිනය නිමිත්තෙන්, හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ 7වැනි සාමූහික අධ්‍යයනයට එක් වූ අවස්ථාවේදී මේ බව පැවසීය. හමුදා පාලනය සම්පූර්ණයෙන් ශක්තිමත් කිරීම ජාතික පාලන පද්ධතිය සහ පාලන හැකියාවන් නවීකරණය කිරීමේ වැදගත් අවශ්‍යතාවක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.
හමුදාව කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂයේ නිරපේක්ෂ නායකත්වය සහතික කර, සටන් කාර්යක්ෂමතාවය යන මූලික ප්‍රමිතියට අනුගත වෙමින් නවීන හමුදා පාලන පද්ධතියක් ගොඩනගා නවීන හමුදා පාලන හැකියාවන් වැඩිදියුණු කළ යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්