එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(06) චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළේ ය. මකරාගේ වසර නිමිත්තෙන් සියලු දෙනාටම සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව හෙතෙම පැවසීය. චීන මකරා ජීව ශක්තිය, ප්‍රඥාව, ආරක්ෂාව සහ වාසනාව සංකේතවත් කරන අතර එය වර්තමාන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය මානූෂීය ගුණාංග බව ද ඔහු සිය පණිවිඩයේ සඳහන් කර ඇත.
චීන චන්ද්‍ර අලුත් අවුරුද්ද එක්සත් ජාතීන්ගේ නිවාඩු දින දර්ශනයේ ද පළමු වරට සටහන් වීම නිසා මෙම වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැමරුම් විශේෂයෙන් වෙනස් වී ඇති බව Guterres මහතා පැවසීය. බහුපාර්ශ්විකත්වය සහ ගෝලීය ප්‍රගතිය සඳහා චීනය ලබා දෙන ස්ථිර සහයෝගය වෙනුවෙන් චීනයට සහ එහි ජනතාවට හෙතෙම ස්තූතිය ප්‍රකාශ කළේ ය. සියලු දෙනා එක්ව වැඩ කළහොත් තිරසර, සාධාරණ සහ සාමකාමී අනාගතයක් ළඟා කර ගත හැකි බව ද António Guterres මහතා සඳහන් කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්