ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ 3වන සංවාදය හා චීන සංස්කෘතික විශේෂඥයන්ගේ පළමු ලෝක සමුළුව වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් ලිපියක් යොමු කරයි.
චීන ජාත්‍යන්තර හුවමාරු සංගමය විසින් සංවිධාන කරන ලද ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ 3වන සංවාදය හා චීන සංස්කෘතික විශේෂඥයන්ගේ පළමු ලෝක සමුළුව ඊයේ (3) බෙයිජිං හිදී ආරම්භ විය. ඊට ෂී ජින් පිං ජනාධිපතිවරයා අද සුබපැතුම් ලිපියක් යොමු කර තිබේ. දීර්ඝ මානව ඉතිහාසයේ විවිධ ශිෂ්ටාචාර බිහි වී ඇති බවත්, එම ශිෂ්ටාචාර අතර පවතින හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය, යුගයේ ගැටළු නිරාකරණය හා පොදු සංවර්ධනය අත්කරගැනීම සඳහා ප්‍රබල අධ්‍යාත්මික මඟපෙන්වීම් ලබා දී තිබෙන බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් ලිපියෙන් පෙන්වා දෙයි. ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාවට නංවාලීම හා මානව ශිෂ්ටාචාර ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමති බව හෙතෙම කියා සිටී. විවිධ රටවල චීන සංස්කෘතික විශේෂඥයන් ශිෂ්ටාචාර හුවමාරු කිරීමේ දූතයන් වශයෙන් චීනය හා සෙසු රටවල් අතර පවතින සංස්කෘතික හුවමාරු , මිත්‍රත්වය හා සහයෝගිතාව වෙනුවෙන් වඩාත් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට චීන ජනාධිපතිවරයා සුබපැතුම් ලිපියෙන් සිය බලාපොරොත්තුව පළ කර තිබේ.
චීන සංස්කෘතික විශේෂඥයන්ගේ පළමු ලෝක සමුළුවට චීන ජනපති සුබපැතුම් ලිපියක්

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්