සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමය ළඟා වීම හා පාසැල් සිසුන්ගේ ශීත සෘතු නිවාඩු සමය ආරම්භ වීම හේතුවෙන් විදේශ සංචාර සඳහා චීන ජාතිකයන්ගේ ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ. මේ දිනවල චීනයේ විවිධ පළාත්වල ආගමන විගමන දෙපාර්තමේන්තු වෙත ඉල්ලුම් කෙරෙන වීසා බලපත්‍ර සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් චීන සංචාරකයන් වෙනුවෙන් වීසා රහිතව සංචාරය කිරීමේ පහසුකම් ලබාදීම හේතුවෙන් එම විදේශ රටවල සංචාරය කිරීමට චීන සංචාරකයෝ වැඩි උනන්දුවක් දක්වති. මේ අතර චීන සිවිල් ගුවන් සමාගම් විදෙස් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කර ඇත. චීන සංචාරක සමාගම් එළඹෙන සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන සැලසුම් කළ සංචාරක නිෂ්පාදිත හා සේවා මේ වන විට බොහෝ චීන සංචාරකයන් විසින් කල් ඇතිව වෙන් කර අවසන් ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්