චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා, සාමය හා සංහිඳියාව පිළිබඳ ආසියානු කවුන්සිලයේ සභාපති මෙන් තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අගමැති Surakiart Sathirathai මහතා හමුවෙයි. ඒ ඊයේ (29) චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේදී  ය.

ජාත්‍යන්තර සමථ මණ්ඩලය පිහිටුවීමට චීනය ගෙන ඇති මුලපිරීම, ජාත්‍යන්තර ප්‍රජාවට ස්වේච්ඡා පදනමක් මත ආරවුල් විසඳා ගැනීමට සහ සංහිඳියාව ඇති කර ගැනීමට නව විකල්පයක් සපයා ඇති බව Wang Yi මහතා එහිදී පැවසීය. මෙය බහුපාර්ශ්විකත්වය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය ගත් සංයුක්ත ක්‍රියාමාර්ගයක් බව ඔහු පැසඳහන් කළේය.

ජාත්‍යන්තර සමථ මණ්ඩලයේ ආරම්භය පිළිබඳ දැක බලා ගැනීමට හොංකොං වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගෞරවය පුද කරන බව Surakiart Sathirathai මහතා එහිදී පැවසීය. එමෙන්ම සාමය හා සංහිඳියාව පිළිබඳ ආසියානු කවුන්සිලය චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කර ආසියාවේ සාමය හා සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.

By Dheera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Twitter Auto Publish Powered By : XYZScripts.com