බ්‍රසීලය සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි. හෙතෙම ඒ බව පැවසුවේ බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතා සමග ඊයේ(30) බ්‍රසීලියා අගනගරයේදී පැවති හමුවේදී ය.
චීනය, බ්‍රසීලය සමග එක්ව රාජ්‍ය නායකයින්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීමට සහ චීන-බ්‍රසීල අනෙකුත් ප්‍රතිලාභ වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව Wang Yi මහතා පැවසීය. එමෙන්ම බ්‍රික්ස් සහ ගෝලීය දකුණේ රටවල් සමග සහයෝගීතාව ශක්තිමත් කර, බහුපාර්ශ්විකවාදයට අනුගතව ජාත්‍යන්තර නීති ආරක්ෂා කිරීමට චීනය සූදානම් බව ද Wang Yi මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
චීනය සමග සමීප උසස් මට්ටමේ හුවමාරු පවත්වා ගෙන යාමටත්, ආර්ථික හා වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මූල්‍ය, බලශක්ති සහ වෙනත් ක්ෂේත්‍රවල ඵලදායී සහයෝගීතාවය පුළුල් කිරීමටත් අපේක්ෂා කරන බව බ්‍රසීල ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” වලට එරෙහිව චීනය දැක්වූ ප්‍රබල විරෝධතා අගය කළ ඔහු චීනයේ සාධාරණ ප්‍රවේශයට ලොව පුරා පිළිගැනීමක් ලැබී ඇති බවත්, යම් රටවල වගකීම් විරහිත සහ ඒකපාර්ශ්වික ක්‍රියාවන්ට සියලුදෙනා එක්ව විරෝධය දැක්විය යුතු බවත් සඳහන් කළේය.
ජාත්‍යන්තර සාධාරණත්වය ශක්තිමත් කිරීමට, නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන ඕනෑම බලවේගයකට එරෙහිව කටයුතු කිරීමේදී බ්‍රසීලය චීනය සමග සිටින බව ද Lula da Silva මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
ජගත් ප්‍රජාව සමග එක්ව සුරක්ෂිත ලෝකයක් ගොඩනැංවීමට සූදානම් — චීනය
ඇමරිකාවේ ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානියක්, චීනයෙන් දැඩි විරෝධය
“තායිවාන බෙදුම්වාදය” පසුපස හඹා යාමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ – චීනය