චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා බ්‍රිතාන්‍ය විදේශ හා සංවර්ධන කටයුතු ලේකම් James Cleverly මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව ඊයේ(30) බෙයිජිංහිදී පැවැත්විණ.
චීනය සෑමවිටම බ්‍රිතාන්‍යය ලොව ප්‍රධාන රටක් ලෙස සලකන අතර ඉටු කරන සුවිශේෂ කාර්යභාරයට විශේෂ අවධානයක් ලබා දී ඇත. එමෙන්ම ස්ථාවර හා අන්‍යොන්‍ය වශයෙන් ප්රතිලාභ ගෙන එන චීන-බ්‍රිතාන්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කිරීමෙහි අඛණ්ඩව නියැළී සිටින බව ද වං යී මහතා එහිදී පැවසීය. ගැටලු සහගත සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනය හා බ්‍රිතාන්‍යය ප්‍රධාන රටවල් ලෙස සිය වගකීම් හඳුනා ගෙන ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ඉදිරියට මෙහෙයවිය යුතු අතර එය පසුපසට තල්ලු නොකළ යුතු බව ද වං යී මහතා කියාසිටියේය.
ශක්තිමත් බ්‍රිතාන්‍ය චීන සම්බන්ධතාවය දෙරටේ ජනතාවටත් සමස්ත ලෝකයටත් ප්රතිලාභ ජනිත කරන බව James Cleverly මහතා එහිදී පැවසීය. එකම චීනය මූලධර්මයෙහි බ්‍රිතාන්‍ය රජය අනුගමනය කරන අතර චීනය සමග සන්නිවේදනය ශක්තිමත් කිරීමට කැප වී සිටියි. චීන පාර්ශ්වය සමග පවතින සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීම බ්‍රිතාන්‍ය ව්‍යාපාරවල අපේක්ෂාවක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
යුක්රේන අර්බුදය, කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ගැටලුව පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන ඇත.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය