ජනාධිපති ෂී ජින් පිං මහතා චීන – ලෝක බුද්ධිමය දේපළ සංවිධාන සහයෝගිතාවයේ 50 වැනි සංවත්සරය සහ ජාතික බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ප්රචාරක සතියේ සමාරම්භක උළෙලට සුබපැතුම් පිරිනමයි. එම සුබපැතුම් පණිවුඩය අද (26) යොමුකෙරිණ.
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව සෑමවිටම වැදගත්කොට සලකන චීනය, එම ක්ෂේත්රයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීම පුළුල් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව ෂී ජින් පිං මහතා පවසයි.
ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමඟ පවතින මිත්‍රශීලී සහයෝගිතාව තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානමින් සිටී. එසේම, ගෝලීය බුද්ධිමය දේපළ පාලන පද්ධතියේ සාධාරණත්වය සහතික කිරීම සහ මානව වර්ගයාගේ යහපැවැත්ම මනාව වැඩිදියුණු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.
චීනය සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය අතර සහයෝගිතාවයේ 50 වැනි සංවත්සර සැමරුම සහ ජාතික බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ප්රචාරක සතියේ ප්‍රධාන උත්සවය අද (26) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. “බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වල නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ සර්ව සම්පූර්ණ නවෝත්පාදනයට සහාය වීම” මෙවර උත්සවයේ තේමාව යි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්