පසුගිය 3වැනි දා එම දුම්රිය ධාවනයට වසරක් සම්පූර්ණ විය. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය පසුගිය දා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එම දුම්රිය මාර්ගය සඳහා මගී හා භාණ්ඩ ප්‍රවාහන ස්ථාන 24ක් ස්ථාපනය කර ඇති බවයි.
ගතවූ වසර තුළ මගීන් මිලියන 8.5ක් සහ භාණ්ඩ ටෝන් මිලියන 11.2ක් ප්‍රවාහනය කරන ලදී. භාණ්ඩ වර්ග 10 සිට 1200කට වැඩි සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත කර තිබේ. පසුගිය 3වැනි දා ප්‍රථම වරට මැදිරි සිසිලස සහිතව පළතුරු ප්‍රවාහන සේවාවක් ක්‍රියාවට නැංවිණ. ලාඕසය, තායිලන්තය, මියැන්මාරය ඇතුළු අග්නිදිග ආසියානු රටවල ගුණාත්මක කෘෂි ආහාර ද මෙම දුම්රිය සේවාවෙන් ශීඝ්‍රයෙන් චීන වෙළඳපොළට යොමු කරනු ඇති බව ද විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කියාසිටී.
මේ අතර, චීන-තායිලන්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව, චීන-ලාඕස දුම්රිය මාර්ගය තායිලන්ත දුම්රිය පද්ධතිය හා සම්බන්ධ වනු ඇත. මෙය චීන-ඉන්දුචීන අර්ධද්වීපය සඳහා වන දැවැන්ත දුම්රිය මාර්ගයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි