චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි

චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි. චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ 4වැනි ඇමති මට්ටමේ සමුළුව ඊයේ (13) බෙයිජිං හිදී පැවැත්විණ.චීන විදේශ ඇමති වං යී මහතා ඊට එක් වෙමින් ඒ බව පැවසීය.

මීට වසර 10කට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ලතින් ඇමරිකා රටවල නායකයන්ගේ එකඟතාව මත චීන- ලතින් ඇමරිකා සංසදය ස්ථාපිත කෙරිණ. ගෙවුණු දශකය තුළ එම සංසදය ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇත. චීනය හා ලතින් ඇමරිකා රටවල් අතර පවත්නා උපාය මාර්ගික විශ්වාසය මෙන් ම ප්‍රයෝගික සහයෝගිතා පෙරට වඩා ශක්තිමත් වී තිබේ. එසේ ම චීනය හා ලතින් ඇමරිකා රටවල් අතර මිත්‍රත්ව හුවමාරු ද ගෙවුණු දශකය තුළ අඛණ්ඩව වර්ධනය වී ඇතැයි වං යී විදේශ ඇමතිවරයා කියා සිටී. මේ වන විට චීන- ලතින් ඇමරිකා සංසදය චීන-ලතින් ඇමරිකා විස්තීර්ණ හවුල්කාරී සහයෝගිතාව සඳහා වැදගත් වේදිකාවක් බවට පත්ව තිබෙන බව ද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com