චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ එම සාකච්ඡාව පැවැත්වූහ. වත්මන් යුක්රේන තත්වය පිළිබඳ දෙපාර්ශ්වය අදහස් හුව හුවමාරු කරගත්හ.
ඇමරිකාව හා NATO සංවිධානය දිගුකාලීනව රුසියාවේ සාධාරණ ආරක්ෂක අවධානය නොතකා අඛණ්ඩව නැගෙනහිර දිශාවේ යුධ පහසුකම් සැකසීම ප්‍රවර්ධනය කිරීම රුසියාවේ උපාය මාර්ගික උපරිම සීමාවන් අභියෝගයට ලක් කරන්නක් බව Vladimir Putin මහතා එහිදී පැවසීය. යුක්රේනය සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.
යුක්රේන ප්‍රශ්නයේ වැරදි සහ නිවැරදි තත්වයන් අනුව චීනය සිය ස්ථාවරය තීරණය කරන බව ෂී ජින්පින් මහතා පැවසීය. රුසියාව හා යුක්රේනයට සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්නය විසඳීමට චීනය සහාය ලබාදෙයි. විවිධ රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරුකිරීම, එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් අනුගමනය කිරීම චීනයේ තිරසර ස්ථාවරය යැයි ෂී ජින්පින් මහතා අවධාරණය කළේය.
More Stories
චීන ජනපති Shanxi හිදී ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
ගෝලීය අභියෝග හමුවේ බ්‍රික්ස් සහයෝගීතා වර්ධනය චීන අගමැති අවධාරණය කරයි
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි