චීන – රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් එම සබඳතා නව සංවර්ධනීය අදියරක් කරා මෙහෙයවන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ, අද (31) පැවති මාධ්‍ය හමුවේ දී චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දෙරට රාජ්‍යතන්ත්‍රික සබඳතාවයේ 75 වන සංවත්සරය සහ චීන – රුසියානු සංස්කෘතික වසර නිමිති කරගනිමින් උපායමාර්ගික සම්බන්ධීකරණය තහවුරු කර, එම සම්බන්ධතා නව සංවර්ධනීය අදියරක් කරා රැගෙන යාමට චීනය සූදානම් බව ද වං වෙන්බින් මහතා පැවසීය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්