චීන රජය මියන්මාරයට දෙවන සහනාධාර තොගය ලබාදීමට සූදානම් වේ. එම සහනාධාර තොගය හෙට (3) පෙරවරුවේ ගුවන් යානයකින් මියන්මාරය වෙත පිටත් කර යවනු ලබන බව චීන ජාත්‍යන්තර සංවර්ධන හා සහයෝගිතා දෙපාර්තමේන්තුව පවසයි. කූඩාරම් 800ක්, බ්ලැන්කට් 2000ක්, බිස්කට් පෙට්ටි 3000ක් සහ බෝතල් කළ පානීය ජලය ඇතුළත් ඇසුරුම් 2000ක් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එම සහනාධාර තොගයට ඇතුළත් ය. මේ වන විට චීනය මියන්මාරයට ලබා දුන් පළමු සහනාධාර තොගය භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙත බෙදා දී ඇතැයි ද චීන ජාත්‍යන්තර සංවර්ධන හා සහයෝගිතා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්