චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා මානුෂීය සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි. මියන්මාරයේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Ouyang Daobing මහතා අද(03) මියන්මාරයේ යැංගොන් කලාපයේ ප්‍රධාන ඇමති Soe Thein මහතාට මෙම සහනාධාර තොගය භාර දුන්නේ ය.
එයට, පෙර සැකසූ තාවකාලික නිවාස 340 ක් ඇතුළත් වන අතර මෙම සැපයුම් තොගය පසුගිය 2 වැනිදා රාත්‍රීයේදී මියන්මාරයට පැමිණ ඇත.
මාර්තු 28 වැනිදා මධ්‍යම මියන්මාරයේ ඇති වූ මහා භූමිකම්පාවෙන් පසුගිය 2 වැනිදා වන විට, පුද්ගලයන් 3,839 ක් මිය ගොස් ඇති අතර, පුද්ගලයන් 5,105 ක් තුවාල ලබා තිබේ. එමෙන්ම අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 101 ක් බව ද වාර්තා වේ.
More Stories
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්
ෂින්ජ්‍යංහි මායිම් ප්‍රදේශයට පැමිණ අධ්‍යාපන ව්‍යාපාරය සඳහා එක්ව සිටින ස්වේච්ඡා සේවක කණ්ඩායම වෙත චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්