චීනය හා මැලේසියාව අන්‍යෝන්‍ය වශයෙන් වීසා නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමෙන් දෙරට අදහස් හුවමාරු හා සහයෝගිතාව තවදුරටත් තහවුරු වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මැලේසියා නිල සංචාරය අතරතුර ‘මහජන කටයුතු පිළිබඳ ගමන් බලපත්‍රය සහ සාමාන්‍ය ගමන් බලපත්‍රය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වීසා නිදහස් කිරීමේ ගිවිසුම’ට දෙරට රජය නිල වශයෙන් අත්සන් තැබූ බව ඔහු පැවසීය. මෙය, චීනය හා මැලේසියාව අතර පුද්ගල සම්බන්ධතා හා විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතාවන්ට මනා පිටුබලයක් වන බවත් හවුල් අනාගතයක් සහිත චීන – මැලේසියා ප්‍රජාව පොදුවේ ගොඩනැංවීම වඩාත් ඉහළ මට්ටමකට රැගෙන යා හැකි වනු ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී පෙන්වා දුන්නේය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්