චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන 2025 වසරේ චීන වසන්ත උත්සව ප්‍රසංගයේ සුබ සලකුණ එළි දැක්වේ. “Si Shengsheng ” නම් එම සුබ සලකුණ අද (2) එළි දැක්විණ.
සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු උත්සවය හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය වාර්ෂිකව පවත්වන රාත්‍රී ප්‍රසංගය සඳහා සුබ සලකුණ එළිදැක්වීම සිරිතකි. එළඹෙන 2025 වසරේ චීන සාම්ප්‍රදායික සර්පයාගේ අලුත් අවුරුද්ද උදා වන බැවින් “සර්පයා” අර්ථය ඇති “巳” යන චීනයේ ඉපැරණි ඉබිකටු අක්ෂරය ට අනුව “Si Shengsheng ” සුබ සලකුණ නිර්මාණය කර තිබේ. සෑම දෙයක්ම පතන අයුරින්ම යහපත් වීම සහ සැවෝම ජවයෙන් ප්‍රබෝධමත් වීම යන 2025 වසරේ වසන්ත උත්සව ප්‍රසංගයේ ප්‍රධාන තේමාව යටතේ නිර්මාණය කර ඇති “Si Shengsheng ” ඉතා සුරතල් පෙනුමකින් යුක්ත ය. මෙම සුබ සලකුණ පුරාම චීන සාම්ප්‍රදායික ලක්ෂණ දක්නට ලැබෙන අතර සුබ සලකුණේ ඇතැම් කොටස් සාදා ඇත්තේ චීන සාම්ප්‍රදායික Cloisonne විශේෂ ලෝහ හස්ත ශිල්පයෙනි. “Si Shengsheng ” වෙනුවෙන් තෝරා ගනු ලබන වර්ණවලින් කොළ වර්ණය කැපී පෙනේ. වෙනත් චීන සාම්ප්‍රදායික වර්ණ රැසක් ද ඊට යොදාගෙන ඇත.එමගින් වසන්තයේ ජවය හා සෞන්දර්යය සංකේතවත් කෙරේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්