චීන මාධ්‍ය සමූහය 2025 වසරේ වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වයි. එම මාධ්‍ය හමුව අද (22) බෙයිජිං හිදී පැවැත්විණ.
සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය ඉකුත් දෙසැම්බර් මාසයේ යුනේස්කෝ සංවිධානය විසින් ලෝක ද්‍රව්‍යාත්මක නොවන උරුම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබිණ. මෙවර වසන්ත උත්සවය යුනේස්කෝ සංවිධානය එසේ පිළිගැනීමෙන් පසු උදා වන පළමු වසන්ත උත්සවය වීම විශේෂත්වයකි. ඒ සඳහා චීන මාධ්‍ය සමූහය ශන් ෂි පළාතේ ටයි යුවන් අගනුවරදී වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇතැයි චීන මාධ්‍ය සමූහයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වං ශියාඕ චෙන් මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් කියාසිටියේ ය. වසර 2500ක ඉතිහාසයක් සහිත ටයි යුවන් නගරය ගැඹුරු ඔපෙරා කලා සාම්ප්‍රදායක් හිමි ප්‍රකට සංස්කෘතික නගරයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ටයි යුවන් නගර කොමිසමේ මහ ලේකම් වෙයි ටාඕ මහතා එම අවස්ථාවට එක් වෙමින් පැවසුවේ චීන මාධ්‍ය සමූහයේ 2025 වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය ටයි යුවන් නගරයේ පැවැත්වීම සතුටට කරුණක් බවයි.


චීන මාධ්‍ය සමූහයේ 2025 වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය එළඹෙන 30වැනි දා එනම් සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්දේ දෙවන දින රාත්‍රී 8.00ට චීන මධ්‍යම රූපවාහිනියේ නාලිකා ඔස්සේ විකාශය කෙරේ. මීට සමගාමීව එම රාත්‍රී ප්‍රසංගය චීන මාධ්‍ය සමූහයට අයත් වෙබ් අඩවි හා යෙදුම් මගින් ද විකාශය කිරීමට නියමිත ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ