චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එළඹෙන 14 වැනිදා සිට වියට්නාමයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් අද(11) සිට වියට්නාමයේ විකාශනය ඇරඹේ. අදාල වැඩසටහන් විකාශනයන් හි සමාරම්භක උත්සවය හැනොයිහි දී අද පැවැත්විණ. “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම” “දරිද්‍රතාවය පිටුදැකීම” ඇතුළු වැඩසටහන් අටක් වියට්නාමයේ ප්‍රධාන මාධ්‍යයන් හි විකාශය කිරීමට නියමිතය.
චීන මාධ්‍ය සමූහය නිර්මාණය කළ එම උසස් තත්ත්වයේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් මාලාව ඔස්සේ, වියට්නාම ප්‍රේක්ෂකයින්ට චීන රජයේ දරිද්‍රතාවය පිටුදැකීමේ අත්දැකීම් පිළිබඳව පූර්ණ ලෙස අවබෝධ කර ගැනීමටත්, නව යුගයේ චීනයේ සමෘද්ධිය සහ චීන සංස්කෘතියේ අද්විතීය චමත්කාරය අත්විඳීමටත් හැකි වනු ඇත.

More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි