
චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරනු ලබන 2024 වසන්ත උත්සව ප්‍රසංගයේ පස්වන පෙරහුරුව ඊයේ (7) පැවැත්විණ.
ප්‍රසංගය ගීත, නැටුම්, හරස් කතා, නාට්‍ය, සටන් කලා, මැජික්, කරණම්, ක්ෂුද්‍ර චිත්‍රපට යනාදී විවිධ වර්ගයේ වැඩසටහන් වලින් සමන්විතය. ප්‍රසංගයේ ප්‍රධාන ස්ථානයට ශාඛා ස්ථාන හතරක සිට ගෙන එන ප්‍රාසාංගික අත්දැකීම් ද සම්බන්ධ කෙරේ.
මේ වන විට චීන මාධ්‍ය සමූහයේ 2024 වසන්ත උත්සව ප්‍රසංගයේ සියලු කටයුතු සූදානම්ව පවතී. එළඹෙන 9වනදා රාත්‍රීයේ විකාශය කෙරෙන මහා “සංස්කෘතික මංගල්‍යයක්” වන මෙම ප්‍රසංගය නැරඹීමට ලොව පුරා සිටින චීන ජාතිකයින් ඇතුළු සියළු ප්‍රේක්ෂකයින්ට ආරාධනා කෙරේ.


More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා