‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තන සංග්‍රහය’ යන කෘතියේ ප්‍රංශ භාෂා අනුවාදය නිකුත් කෙරේ. මෙම කෘතිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය පර්යේෂණායතනයේ සංස්කරණයක් සහ පරිවර්තනයකි. මධ්‍යම කාරක සභාවේ සංස්කරණ ප්‍රකාශන ආයතනය පසුගිය දා මෙය ප්‍රකාශයට පත් කර දෙස්-විදෙස් වශයෙන් බෙදා හැර තිබේ.
මෙම කෘතියට, ෂී ජින්පිං මහතා 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව සිදු කළ වැදගත් ප්‍රකාශ ඇතුළත් කර ඇත. මෙම ප්‍රංශ භාෂා අනුවාදය හා මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ඉංග්‍රිසි භාෂා අනුවාදය, විදේශීය පාඨකයන් වෙත චීන මාදිලියේ නවීකරණය පිළිබඳව අවබෝධ කරගැනීමට විශාල පිටුබලයක් ලබා දීම ද විශේෂත්වයකි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්