චීන-මධ්‍යම ආසියානු සමුළුව නුදුරේදීම ෂැන්සි පළාතේ ෂී ඇන් හිදී පැවැත්වෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (16)පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය. එක් තීරයක් එක් මාවතක් ඒකාබද්ධව ගොඩ නැගීම පිළිබඳ උසස් තත්ත්වයේ සම්මුතිය චීනය ඉන් තවදුරටත් තහවුරු කරන බව Wang Wenbin මහතා පැවසීය.
2013 සැප්තැම්බර් මාසයේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්තානයේ දේශනයක් පවත්වමින්, “සේද මාවතේ ආර්ථික තීරය” ඒකාබද්ධව ගොඩනැගීමේ මුලපිරුම යෝජනා කළේය. මධ්‍යම ආසියාව” එක් තීරයක් එක් මාවතක් ” ගොඩනැගීමේ පළමු කලාපයක් බවට පත්විය.
පසුගිය දශකය තුළ චීනය සහ මධ්‍යම ආසියාතික රටවල් උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාවේ ඵලදායි ප්‍රතිඵල ලබා ගෙන ඇතැයි Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.
චීන මධ්‍යම ආසියානු සමුළුව ළඟදීම

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්