චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(22) බෙයිජිං හිදී නෙදර්ලන්ත විදේශ ඇමති Caspar Veldkamp මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
චීන-යුරෝපා සබඳතා වර්ධනයට සහ ලෝක ආර්ථික පුනර්ජීවනයට නව දායකත්වයන් ලබා දීම සඳහා, නෙදර්ලන්තය සමග, සන්නිවේදනය සහ සංවාද ශක්තිමත් කිරීමට, ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීමට මෙන්ම, බහුපාර්ශ්වික සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, වං යී මහතා සඳහන් කළේ ය. නෙදර්ලන්තය ද චීන සමාගම් සඳහා සාධාරණ සහ වෙනස්කම් කිරීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් සපයනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන විදේශ ඇමතිවරයා පැවසීය.
නෙදර්ලන්තය අවධාරණය කරන එකම චීනය යන ප්‍රතිපත්තිය වෙනස් නොවනු ඇතැයි, Caspar Veldkamp මහතා එහිදී සඳහන් කළේ ය. චීනය සමග, ප්‍රායෝගික සහයෝගීතා ශක්තිමත් කිරීමට හා බහුපාර්ශ්වාදය අනුගමනය කිරීමට, නෙදර්ලන්තය කැමැත්තෙන් සිටී. යුරෝපා-චීන සබඳතා ඉතා වැදගත් වන අතර, නෙදර්ලන්තය මේ සඳහා ධනාත්මක උත්සාහයන් දැරීමට කැමැත්තෙන් සිටින බව, නෙදර්ලන්ත විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්
21වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ