අධි ගුණාත්මකභාවයෙන් යුතු චීන ආර්ථික සංවර්ධන ප්‍රතිඵල පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් අද(21) එය පවත්වන ලදි.
චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධානීන් එම මාධ්‍ය හමුවේදී පැවසුවේ 2024 වසරේ සිට චීන කර්මාන්ත ආර්ථිකය ස්ථීර මෙන්ම යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බවයි. ඉන් සාර්ව ආර්ථිකයට ශක්තිමත් පදනමක් සපයා ඇත.
අදාළ සංඛ්‍යාලේඛනයට අනුව 2024 වසරේ වාර්ෂික ආදායම චීන යුවාන් මිලියන 2කට අධික කර්මාන්තයන්හී එකතු කළ අගය 2023 වසරේ අගයට වඩා සියයට 5.8කින් වැඩි විය. චීන නිෂ්පාදන කර්මාන්ත පරිමාණය වසර 15ක් පුරා අඛණ්ඩව ලෝකයේ ප්‍රථම ස්ථානය අත්පත් කර ගෙන තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ