චීන තරුණ දිනය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රටේ සමස්ත තරුණ පරපුර වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.
තරුණ-තරුණියන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය නොසැලී අනුගමනය කරමින් ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
සෑම තරාතිරමකම පක්ෂ සංවිධාන, තරුණ තරුණියන්ගේ කටයුතුවල දී නායකත්වය ශක්තිමත් කළ යුතුය. ඔවුන්ගේ වර්ධනය වැදගත් කොට සලකා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට සහාය විය යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්