චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Qinghai පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
ඊයේ (18) පස්වරුවේ සිදුකෙරුණු එම චාරිකාවේ දී ඔහු Xining නගරයේ Guoluo Xining සුළු ජාතීන්ගේ මධ්‍යම පාසල සහ Hongjue විහාරය නිරීක්ෂණය කළේය.
Guoluo Xining සුළු ජාතීන්ගේ මධ්‍යම පාසලේ අධ්‍යයන කටයුතුවලදී චීනයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ඒකාබද්ධ සහයෝගිතාව පුළුල් කිරීම සහ චීන ජාතියේ “පොදු ප්‍රජාව” පිළිබඳ චින්තනය පිළිබඳ අධ්‍යයන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම ජනාධිපතිවරයාගේ චාරිකාවේ ප්‍රධාන අරමුණකි. එසේම, ටිබෙට් බෞද්ධ නිකායේ පවතින දේශප්‍රේමය හා ආගමට ගරු කිරීමේ යපහත් සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කිරීම, ජාතික සමගිය හා සංවර්ධනය තහවුරු කිරීම පිළිබඳ තත්ත්වය ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.







More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්