චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මියගෙන් චීන අලුත් අවුරුදු සුබපැතුම් ලැබීමෙන් ප්‍රීතියට පත් වූ බව ඇමරිකානු ලින්කන් උසස් පාසලේ ගුරුවරු සහ සිසුහු පවසති.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය පසුගියදා ඇමරිකානු ලින්කන් උසස් පාසලේ ගුරුවරුන් සහ සිසුන්ගේ චීන අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩයට පිළිතුරු යොමු කර ඇත. හුවමාරු හා අධ්‍යයන කටයුතු සඳහා ගුරුවරුන් හා සිසුන් චීනයට පැමිණීම පිළිගන්නා බව එහි සඳහන් කර ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය වෙත ස්තූතිය පළ කරමින් චීනයේ හුවමාරු ක්‍රියාකාරකම් කෙරෙහි පූර්ණ අපේක්ෂාවෙන් සිටින බව ලින්කන් උසස් පාසල ඊයේ(12) චීන මාධ්‍ය සමූහය ඔස්සේ ප්‍රකාශ කළේය.
ලින්කන් උසස් පාසලේ විදුහල්පති Carl Hoseth මහතා චීන මාධ්‍ය සමූහය හමුවූ අවස්ථාවේදී පැවසුවේ ලින්කන් උසස් පාසල චීනය සහ ඇමරිකාව අතර මානව හුවමාරු සඳහා පාලමක් හා සහයෝගී වේදිකාවක් වීමට කැමැත්තෙන් සිටින බවයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ