Lanka Plus News

www.lankaplusnews.com

චීන ජනපති මධ්‍යම ආසියානු රටවල් පහේ රාජ්‍ය නායකයන් සමග අස්ටානා ප්‍රකාශයට අත්සන් තබයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මධ්‍යම ආසියානු රටවල් පහේ රාජ්‍ය නායකයන් සමග එක්ව දෙවන චීන-මධ්‍යම ආසියා සමුළුවේ අස්ටානා ප්‍රකාශයට අත්සන් තබයි. ඒ ඊයේ(17) කසක්ස්ථානයේ අස්ටානා නුවර දීයි. ඊට සමගාමීව, ඔවුහු ස්ථිර සුහදශීලී අසල්වැසි රටවල් සහයෝගිතා ගිවිසුමට ද අත්සන් තැබූහ.

එමෙන් ම, ෂී ජින්පිං මහතා එම රාජ්‍ය නායකයන් සමග එක්ව චීන-මධ්‍යම ආසියා සහයෝගිතා මධ්‍යස්ථාන තුනක් හා වෙළඳ සහ‍යෝගිතා වේදිකාවක් සඳහා පුවරු නිරාවරණ උත්සවයකට ද එක් වීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com