චීන ජනාධිපති ෂි ජින් පිං මහතා චීන මහජන විමුක්ති හමුදාවේ තොරතුරු සහාය බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා ඊයේ(4) පැවති එම තොරතුරු සහාය බලකායේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු නියෝජිත සම්මේලනයට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් එහි සියලුම නිලධාරීන් හා සෙබළුන් වෙත සිය හෘදයාංගම දිරිගැන්වීම් පළ කළේය.
නව යුගයේ හමුදාව ශක්තිමත් කිරීමේ චින්තනය සහ උපායමාර්ගික මූලධර්ම ක්‍රියාත්මක කොට හමුදාවේ පදනම තහවුරු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත. චීන හමුදාවේ ජාල තොරතුරු පද්ධතියේ පුළුල් වර්ධනය තහවුරු කිරීම සඳහා ප්‍රබල නවීන සහාය බලකායක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

තොරතුරු සහාය බලකාය, හමුදා සේවාවන්හි ව්‍යුහාත්මක සැකසීම් සහ ප්‍රතිසංස්කරණ සඳහා අලුතින් පිහිටුවන ලද උපායමාර්ගික බලවේගයකි. මෙම වසරේ අප්‍රේල් මාසයේදී, ෂී ජින් පිං මහතා එම බලකාය වෙත හමුදා ධජය ප්රදානය කර එම බලකාය දිරිගන්වමින් මඟපෙන්වීමේ දේශනයක් පැවැත්වීය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්