චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරේසියා ආර්ථික සංගමයේ දෙවන යුරේසියානු ආර්ථික සංසදයේ පූර්ණ සැසියේ සමාරම්භක උළෙල අමතයි. හෙතෙම ඊයේ(24) පැවති එම උළෙලට වීඩියෝ තාක්ෂණයෙන් එක්විය.
ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම තමා ඉදිරිපත් කළේ තිරසර සාමය, පොදු සුරක්ෂිතතාවය, පොදු සමෘද්ධිය, විවෘතභාවය, සහයෝගිතාවය සහිත සුන්දර හා පවිත්‍ර ලෝකයක් බිහි කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට විවිධ රටවලට ආරාධනා කිරීමට බව ඔහු එහිදී පැවසීය.
ආසියා-යුරෝපා පවුලේ සාමාජිකයෙකු ලෙස චීනයේ සංවර්ධනය මුළු කලාපයෙන් වෙන් කළ නොහැකි බවත්, එය එම කලාපයට ප්‍රතිලාභ ගෙන දෙන බවත් ෂී ජින්පිං මහතා කියාසිටියේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, යුරේසියා ආර්ථික සංගමයේ සංවර්ධනය සමග ඒකාබද්ධ කර ප්‍රායෝගිකව සම්බන්ධතා පවත්වමින් එක්සත්ව එක්සිත්ව ආසියාව හා යුරෝපය අතර සහයෝගිතාවයට නව වේදිකාවක් නිර්මාණය කිරීම චීනයේ අවංක අපේක්ෂාව බව ද ඔහු අවධාරණය කර ඇත.
චීන ජනපති ආසියාව හා යුරෝපය අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරයි

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්