චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ ජාතික සමුළුවට එක්වන පොලිස් නිලධාරීන් හමු වෙයි.
එම සමුළුව අද (29) පෙරවරුවේ බෙයිජිං හිදී පැවැත්විණ. ඊයේ (28) ෂී ජින් පිං ජනාධිපතිවරයා බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සමුළුවට එක්වන පොලිස් නිලධාරීන් හමු විය. එහිදී හෙතෙම එම පොලිස් නිලධාරීන් සමග සුහද කතා බහක නිරත විය. රට සවිබලගැන්වීම හා ජාතික පුනර්ජීවනය වෙනුවෙන් වඩාත් කැපවීම් කරන ලෙසත්, මහජන ආරක්ෂක කටයුතු වඩාත් නවීකරණය කරන ලෙසත්, චීන ජනාධිපතිවරයා එහිදී රටේ පොලිස් සේවයේ නියුතු සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කර ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ එම අවස්ථාවට එක් වූහ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්