චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය පැවැත්වූ කණ්ඩායම් අධ්‍යයන සැසියේ දී ඉදිරිපත් කළ දේශනය විවිධ ක්ෂේත්රවල ඉහළ අවධානයට පාත්රවෙයි. සැසිය පසුගිය 30 වැනි දා පැවැත්විණ.නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතා ගේ චින්තනය තවදුරටත් පුළුල් වෙමින් පවතින බව විද්වත්හු පෙන්වා දෙති. මෙම චින්තනය චීන කොමියුනිස්ට් පක්ෂයට හා රටට අවශ්‍ය, නිසි දිගුකාලීන මඟපෙන්වීමකි. මාතෘභූමිය ප්‍රබල රටක් ලෙස ගොඩනැංවීමටත්, ජාතියේ පුනර්ජීවනයටත් එමගින් මාර්ගෝපදේශ ලබාදීම කැපී පෙනේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යායාත්මක නවෝත්පාදන අඛණ්ඩ ව අත්පත් කරගැනීම තුළින්, වර්තමාන චීන මාක්ස්වාදයේ වැඩි ශක්තියක් විදහා දැක්විය හැකි බව ද විවිධ ක්ෂේත්රවල විද්වත්හු සඳහන් කරති.
චීන ජනපතිගේ මාර්ගෝපදේශාත්මක දේශනය විවිධ වියතුන්ගේ ඉහළ අවධානයට

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්