චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන ඔක්තෝබර් 16වැනි දා පැවැත්වෙන බවට යෝජනා කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එහි මහලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 30වැනිදා රැස්වීමක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 7වැනි පූර්ණ සැසිවාරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයට අදාළ පූර්ව සූදානම් කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 7වැනි පූර්ණ සැසිවාරය එළඹෙන ඔක්තෝබර් මස 9වැනි දා ආරම්භ කරන බව මෙම රැස්වීමේදී තීරණය කරනු ලැබීය. එමෙන් ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික සම්මේලනය එළඹෙන ඔක්තෝබර් 16වැනි දා පැවැත්වෙන බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එහිදී යෝජනා කර ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය යනු චීනය, පාලක කොමියුනිස්ට් පක්ෂය සහ චීන ජනතාව පූර්ණ සමාජවාදී නවීකරණ ක්‍රියාදාමය කරා ගමන් ආරම්භ කිරීම සහ දෙවැනි ශතවර්ෂයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් බව එම රැස්වීම අවධාරණය කර තිබේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්