චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 7 වැනි පූර්ණ සැසිවාරය පසුගිය 9වැනිදා සිට 12වැනිදා දක්වා බෙයිජිංහි දී පැවැත්විණ.
මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ 199 දෙනෙක් සහ මධ්‍යම කාරක සභාවේ විකල්ප සාමාජිකයෝ 159 දෙනෙක් පූර්ණ සැසිවාරයට සහභාගි වූහ.
චීන මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෝ සහ අදාළ වගකිවයුතු පක්ෂයේ සාමාජිකයෝ ඡන්දය නොදෙන නියෝජිතයන් ලෙස සැසිවාරයට සහභාගි වූහ.
සැසිවාරය මෙහෙයවනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විසිනි. මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් ද පැවැත්වීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය ඔක්තෝබර් 16 වැනිදා පැවැත්වීමට එම පූර්ණ සැසිවාරය තීරණය කර ඇත.වත්මන් තත්ත්වය හා කාර්යභාර විශ්ලේෂණය කරමින් නව යුගයේ සහ නව ගමනේ චීන ලක්ෂණ සහිත සමාජවාදය සංවර්ධනය කරමින්, නවීන සමාජවාදී රටක් සම්පූර්ණ වශයෙන් ගොඩනැගීම පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් එම පූර්ණ සැසිවාරයේදී ගැඹුරින් සාකච්ඡා කෙරිණ.
එම පූර්ණ සැසිවාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය සඳහා ප්‍රශස්ත පසුබිමක් සකසා දී තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්