
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානයේ අස්තානා අගනුවරට ඊයේ පැමිණ ඇති(02) අතර කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළිගත්තේය.
චීන ජනාධිපතිවරයා කසක්ස්ථානයට පැමිණියේ ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම සඳහා යි.
අද(03) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සමග සාකච්ඡාවක් ද පැවැත්විණ.
අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (03) පෙරවරුවේ එය පැවැත්විණ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්