කොරෝනා ආසාදිතයෙකු පළමු වරට හමුවු චීනයෙන් වසංගතයක් බවට පත්විය හැකි නව උණ ප්‍රභේදයක් පිළිබඳව වාර්තා වේ.
චීන විද්‍යාඥයින් පවසන්නේ ඌරන්ගෙන් ව්‍යාප්ත වන මෙම උණ රෝගය, මිනිසුන්ට ද වැළඳීමේ හැකියාව ඇති බවයි.
2009 වසරේ චීනයේදී හඳුනාගත් සූකර උණ වෛරසයට සමානකම් දක්වන නමුත් මෙහි නව වෙනස්කම් දැකිය හැකි බව විද්‍යාඥවරු පෙන්වා දෙති.
මෙම නව වෛරසය නම් කර ඇත්තේ G4 EA H1N1 යනුවෙනි.
මෙය පුද්ගලයකුගෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව වර්ධනය විය හැකි බවත් , එසේ වුවහොත් එය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බවටත් විද්‍යාඥවරු බිය පළ කරති.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්