Lanka Plus News

www.lankaplusnews.com

චීන-ඉක්වදෝර සබඳතා ශක්තිමත් කිරීමට දෙරට ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉක්වදෝර ජනපති Daniel Noboa මහතා හමුවෙයි. අද (27) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී මෙම හමුව සිදු වූයේ 16වැනි ගිම්හාන ඩාවෝස් සංසදයට සහභාගි වීම සඳහා Daniel Noboa මහතා චීනයට පැමිණ සිටින අතරතුරදී ය.

චීනය හා ඉක්වදෝරය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45වැනි සංවත්සරය මේ වසරට යෙදේ. ගෙවුණු වසර 45ක කාලය තුළ දෙරට සබඳතාව යහපත් සංවර්ධන ප්‍රවණතාවක පවතින බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. ඉක්වදෝරය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැඟීමට එක්වූ අතර දෙපාර්ශ්වය නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර බලශක්ති, පතල්, විදුලි සහ යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍රවල ඵලදායී සහයෝගීතා පවත්වා තිබෙන බවද හෙතෙම පැවසීය. දෙපාර්ශ්වය වැදගත් සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කර සැබෑ ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කරමින් ද්විපාර්ශ්වික වෙළඳාම නව තලයකට ඉහළ නංවා ගත යුතුය. එමෙන්ම අධ්‍යාපන, සංස්කෘතික, ජනමාධ්‍ය හා තරුණ යන ක්ෂේත්‍රවල හුවමාරු ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය අධ්‍යයන තහවුරු කරනු ඇතැයිද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.  

චීනය දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ ලබා ගැනීම පිළිබඳව ඉක්වදෝර ජනපති Daniel Noboa මහතා එම හමුවේදී  ඉහළින් ප්‍රශංසාව පළ කළේය. චීනය ඉක්වදෝර ආර්ථික සමාජීය සංවර්ධනය සඳහා ලබා දුන් ප්‍රබල දායකත්වය කිසිදිනක අමතක නොකරන බවද හෙතෙම සඳහන් කළේය. චීනය සමග පවතින සබඳතාව අඛණ්ඩව තහවුරු කරමින් දෙරටේම ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ගෙන දීමට ඉක්වදෝරය කැමැත්තෙන් සිටින බවද ඉක්වදෝර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.  

WP Twitter Auto Publish Powered By : XYZScripts.com