චීන-ඇමරිකානු ද්විපාර්ශ්වික සබඳතාව නිසියාකාරයෙන් ඉදිරියට ගෙන යා හැකිවේද යන්න, සමස්ත ලෝකයේ ඉදිරි ගමන හා දෛවය සමඟ බැඳුණු කරුණක් බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.
චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා 20වැනිදා පැවති ගෝලීය විද්වතුන්ගේ සමුළුවට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් මේ බව සඳහන් කළේ ය. චීන-ඇමරිකානු සබඳතාව ඔහු එහිදී පුළුල් ලෙස පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන චීනය හා විශාලතම සංවර්ධිත රට වන ඇමරිකාව, දෙරටේ සබඳතාව නිසියාකාරයෙන් පැවතිය යුත්තේ කෙසේ දැයි යන ප්‍රශ්නයට එක්ව පිළිතුරු දිය යුතු බවයි. පසුගිය 16වැනිදා, දෙරටේ ජනාධිපතිවරු ඵලදායී වීඩියෝ සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී චීනය හා ඇමරිකාව අනුගමනය කළ යුතු මූලධර්ම 3ක් හා දෙරට ප්‍රමුඛත්වය ලබා දිය යුතු කාර්යයන් 4ක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළේය.
චීන රාජ්‍ය නායකයා චීන-ඇමරිකානු සබඳතාවන් හි ඉදිරි ගමන කෙරෙහි දක්වන පුළුල් දැක්ම ඉන් පිළිබිඹු කෙරේ. දෙරටේ ඉදිරි ගමනේ දිශානතිය ද ෂී ජින්පිං මහතා පෙන්නුම් කර ඇති බව චීන විදේශ අමාත්‍යවරයා කියාසිටී.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්