චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් පවතී.
චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ දත්තයන්ට අනුව 2022 වසරේ සමාන කාලයට සාපේක්ෂව, පසුගිය මැයි මාසයේ චීන පාරිභෝගික භාණ්ඩවල සිල්ලර අලෙවිය 12.7%කින් ද , භාණ්ඩ ආනයනය හා අපනයනය 0.5%කින් ද, චීන යුවාන් කෝටි 2කට වැඩි වාර්ෂික ආදායමක් ලද කර්මාන්තවල එකතු කළ අගය 3.5%කින් ද වර්ධනය වී ඇත. එම කාලයේ චීන ආර්ථික ක්‍රියාකාරීත්වය අඛණ්ඩව ස්ථාවර මට්ටමේ පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවුවත් සංකීර්ණ හා බැරෑරුම් ජාත්‍යන්තර තත්ත්වය හා චීන දේශීය ආර්ථිකයේ ව්‍යූහාත්මක සැකසුමෙන් ඇති වූ දැඩි පීඩනය හේතුවෙන් චීන ආර්ථික ප්‍රකෘතියේ පදනම ශක්තිමත් නොවන බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
චීන ආර්ථිකය අඛණ්ඩ ප්‍රකෘති මට්ටමක

More Stories
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්
පොදු ඉරණමක් වෙනුවෙන් පෙළ ගැසෙන චීනය හා මධ්‍යම ආසියාව