චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
විදෙස් පුවත් සේවා දැන් මේ බව වාර්තා කළත්, මෙය සිදුවී ඇත්තේ මීට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි. ප්‍රතිමාව කඩා දමා ඇත්තේ, එය ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා ය. බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් ද තහවුරු වී ඇත.
ප්‍රතිමාව කඩා ඉවත් කිරීම සඳහා දින 9ක කාලයක් ගත වී ඇති අතර, චීන බලධාරීන් තෝසම් ගැටසෙල් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට සහ චුවාර් සහ අවට නගරවල වෙසෙන ටිබෙට් ජාතිකයින්ට කඩා බිඳ දැමීම නැරඹීමට බල කළ බව ද පැවැසෙයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්