තරුණ සිසුන්ට පාසල තුළදීම පුලුල් ලෙස නීතිය ඉගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
විෂයක් ලෙස එරට පාසල් විෂය නිර්දේශයට එක් කර ඇති නීතිය පිළීබඳ අධ්‍යයන කටයුතු පස් වසරක් පුරා ක්‍රියාත්මක කිරීමටයි මූලික සැලසුම වී තිබෙන්නේ.
මෙහිදී චීන ජනාධිපති ෂී ජින් පින්ගේ දැක්ම යටතේ ක්‍රියාත්මක අන්තර්ජාල වාරණ නීති, සංස්කෘතියට අදාළ නීති සම්බන්ධයෙන් පුලුල් ලෙස අධ්‍යාපනය ලබාදීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම නව විෂය පථය චීන ජනාධිපතිවරයාගේ අදහස් සහ පාලනයේ දැක්ම, එරට තරුණ පරපුර මත බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමට ගත් උත්සාහයක් ලෙසටයි දේශපාලන විවේචකයින් අදහස් දක්වා ඇත්තේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ