තවත් රටවල් 78කට සංචාර කණ්ඩායම් ලෙස පිටත්වීමට අනුමැතිය ලබා දීම නැවත ආරම්භ කරන බව චීනය ප්‍රකාශ කරයි.
චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය ඊයේ (10) කණ්ඩායම් සංචාරය නැවත ආරම්භ කිරීම පිළිබඳ රටවල් ලැයිස්තුවේ තුන්වන වටය පළ කළේය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය සහ තුර්කිය ඇතුළු රටවල් 78ක් එම ලැයිස්තුවට එක් වී ඇත. නව කොරොනා වසංගතයෙන් පසුව, චීනයෙන් පිටතට යන සංචාරක කර්මාන්තය තවදුරටත් විවෘත වී ඇති බවත්, චීනයේ සංචාරක වෙළඳපොළේ නැවතත් වර්ධනයක් උදා වනු ඇති බවත් ඉන් පෙන්නුම් කෙරේ.
තායිලන්තය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය ඇතුළු රටවල් 60 ක් පෙර වට දෙකේ ලැයිස්තුවට එක් වී තිබේ. මේ වන විට, එම ලැයිස්තුවට එක්ව ඇති රටවල් හා කලාප සංඛ්‍යාව 138 ක් බව වාර්තා වෙයි.
චීනය තවත් රටවල් 78කට සංචාරක කණ්ඩායම් ලෙස පිටත්වීමට නැවත අවසර ලබා දෙයි

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්