චීනයේ Xuelong 2 නෞකාව චීනයේ 41 වන ඇන්ටාක්ටික් ගවේෂණ මෙහෙයුම සම්පූර්ණ කරයි

චීනයේ Xuelong 2 විද්‍යාත්මක ගවේෂණ නෞකාව ඊයේ (28) චීනයේ Haikou වෙත පැමිණියේය. චීනයේ 41 වන ඇන්ටාක්ටික් ගවේෂණ මෙහෙයුම සාර්ථකව නිමාවට පත් වීම ඉන් සංකේතවත් කෙරේ.

Xuelong 2 විද්‍යාත්මක ගවේෂණ නෞකාව 2024 නොවැම්බර් මස පළමු වැනිදා චීනයේ Guangzhou ප්‍රදේශයෙන් පිටත්ව දින 208 ක් තුළ නාවික සැතපුම් 40,000 කට වැඩි දුර ප්‍රමාණයක් ගොස් ඇත.

ඇන්ටාක්ටික් සරත් කාලයේ දී Ross මුහුදේ ජෛව පද්ධති පර්යේෂණයට යොමු කරන චීනයේ ප්‍රථම ජාත්‍යන්තර සහයෝගිතා මෙහෙයුම මෙය බව වාර්තා වේ. මෙම මෙහෙයුම කටුක ස්වාභාවික තත්වයන් සහිත සරත් කාලය තුළ සිදු වී ඇති අතර, සාර්ථකව ජල සහ ජෛව සාම්පල ඇතුළු විවිධ සාම්පල 5000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත.

මෙවර මෙහෙයුම චීනයේ ධ්‍රැවීය ගවේෂණ සංචාර ඉතිහාසයේ දීර්ඝතම තනි නෞකා මෙහෙයුම වේ. ජාත්‍යන්තර සහ‍යෝගිතාව, අන්තර්-සෘතු ‍භේදය සහ අන්තර් විද්‍යාව යන ලක්ෂණ සහිත විස්තීරණ විද්‍යාත්මක ගවේෂණ සිදු කිරීම සඳහා මෙම මෙහෙයුම නව ක්‍රමවේදයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කර ඇති බව සඳහන් වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com