චීනයේ Diaoyu Dao දූපත ආසන්න මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම හේතුවෙන් ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී. මේ බව අද(06) චීන වෙරළාරක්ෂක ප්‍රකාශක Liu Dejun මහතා පැවසුවේය.
නීතිවිරෝධී ලෙස චීනයට අයත් මුහුදු ප්‍රදේශයට ඇතුළු වූ පසු චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යනුකූලව අවශ්‍ය පාලන පියවර ගෙන ඇති අතර, අනතුරු ඇඟවීම් ද නිකුත් කර ජපන් ධීවර යාත්‍රාව පළවා හැරි බව ඔහු සඳහන් කළේ ය.
Diaoyu Dao සහ ඊට අනුබද්ධ දූපත් චීනයට අයත් භූමියක් බව අවධාරණය කරමින් හෙතෙම පැවසුවේ මේ ප්‍රදේශයේ සිදු කරන සියලුම නීතිවිරෝධී කටයුතු වහාම නතර කරන ලෙස ජපන් පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බවයි. චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීන වෙරළාරක්ෂක බලකාය සිය මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ඇති බව ද හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්