චීනයේ වයඹ දිග පළාතේ හටගත් හිම කුණාටුවක් හේතුවෙන් හිමකදු අතර ධාවන තරගයකට සහභාගී වු පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
තද සුළං තත්ත්වයක් සමග ඇතිවූ දැඩි හිම කුණාටු තත්ත්වයකට මැදිවීමෙන් එම පිරිස මියගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිම මත ධාවන තරගයට තරගකරුවන් 172ක් සහභාගී වී ඇති අතර 150කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිතව මුදා ගැනීමට චීන සහන කණ්ඩායම්වලට හැකිව තිබේ.
තුවාල ලැබුවන් සහ කම්පන තත්ත්වයෙන් පසුවන කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්