සාමාජික රටවල් අතර විශාල මතභේද සහ යුරෝපයේ සෑම මට්ටමකම ජනතාවගේ දැඩි විරෝධය නොතකා, යුරෝපා සංගමය පසුගිය 29වැනිදා චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ සම්බන්ධ සහනාධාර විරෝධී පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව වසර පහක කාලයක් සඳහා චීනයෙන් ආනයනය කරන ලද විදුලි වාහනවලට තීරුබදු පැනවීමට තීරණය කෙරිණ.
යුරෝපා සංගමයේ මෙම තීරණයට ජර්මනියේ පුළුල් විරෝධයක් එල්ල වී තිබේ. ජර්මානු මෝටර් රථ කර්මාන්තයේ යෙදෙන්නන්ගේ පොදු අදහසට අනුව මෙය යුරෝපය සහ චීනය අතර හුවමාරු සහ ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට ඍණාත්මක බලපෑමක් ඇති කර තිබේ. එපමණක් නොව එය යුරෝපීය මෝටර් රථ කර්මාන්තයේ පරිවර්තනය සහ සංවර්ධනය දුර්වල කරන අතර යුරෝපය කඩිනමින් වේගවත් කළ යුතු හරිත පරිවර්තන ක්‍රියාවලියට ද බාධා කරනු ඇත.
මේ අතර හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා ඊයේ (31) සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් යොමු කරමින් ප්‍රකාශ කළේ, චීන විදුලි මෝටර් රථ සමාගම්වලට අමතර තීරුබදු පැනවීම යුරෝපා මහද්වීපයේ තරඟකාරිත්වයට නැවත වරක් දැඩි පහරක් එල්ල කර ඇති බවයි. එමෙන්ම මේ වනවිටත් යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ සමාගම් මෙම තීරණයට එරෙහිව දැඩි විරුද්ධත්වය පළ කරමින් සිටී.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්