මෙම වසරේ මුල් මාස 7 තුළ චීනයේ මෝටර් රථ අපනයනය කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්පත් කර ගනී. චීන රේගු පරිපාලනය ඊයේ (8) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලින් ඒ බව තහවුරු වෙයි. වසරේ පළමු කාර්තුවේ දී චීනයේ වාහන අපනයනය ජපානය අභිභවා ගිය අතර, වසරේ මුල් අර්ධය තුළ ද එම තත්ත්වය පවත්වා ගැනීමට චීනය සමත් විය. ඒ අනුව, එරට සමස්ත වාහන අපනයනය ලොව පළමු ස්ථානයට පත්ව තිබේ. රේගු සංඛ්‍යාලේඛන අනුව, වසරේ මුල් මාස හත තුළ, චීනය මෝටර් රථ මිලියන 2.8 ක් පමණ අපනයනය කර ඇති අතර, එහි වටිනාකම චීන යුවාන් බිලියන 383.7 ඉක්මවයි. මේ අතර, නව බලශක්ති වාහන කර්මාන්තය චීනයේ වත්මන් කාර්මික පරිවර්තනයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබේ. වසරේ මුල් භාගයේ දී නව බලශක්ති වාහන නිෂ්පාදනය 35% කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත වාහන අපනයනයෙන් 25% කි.
චීනයේ වාහන අපනයනය ලොව පළමු ස්ථානයට

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්