බිලියන 9ක සංචාරකයින් අපේක්ෂාවෙන් චීන වසන්ත උත්සව සමයේ සංචාරක උණුසුම් සමය ඇරඹේ.
චීනයේ වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උදාවට දින 15 කට පෙර, අඟහරුවාදා දින එහි විශාලතම වාර්ෂික සංවාරක සංක්‍රමණය ආරම්භ විය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී යුනෙස්කෝ සංවිධානය, අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට චීනයේ වසන්ත උත්සවය ඇතුළත් කිරීමෙන් පසු වාර්තා වන පළමු වසන්ත උත්සව සංචාරක උණුසුම් සමය මෙයයි.
පෙබරවාරි 22 වන දිනෙන් අවසන් වන මෙම වසරේ සංචාරක සංක්‍රමණ කාලය තුළ මගී සංචාර බිලියන නවයක් අපේක්ෂා කරන අතර, එහිදී දුම්රිය සහ ගුවන් මගින් සිදු කෙරෙන මගී සංචාර දෙකෙහිම වාර්තාගත ඉහළම අගයන් කරා ළඟා වනු ඇත.
චීනයේ, දින 40 ක් පුරා පවතින මෙම සංචාරක සංක්‍රමණ තත්ත්වය මත, තම පවුලේ සාමාජිකයින් හා එක් වීමට මිලියන සිය ගණනක ජනතාව තම ගම්බිම් වෙත නැවත පැමිණෙනු ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ