මෙම වසරේ චීනයේ භාණ්ඩ බෙදාහැරීම් පැකේජ ගණන වාර්තාගතව බිලියන 120 ඉක්මවා ගොස් ඇත. බිලියන 120 වැනි පැකේජය ලෙස නැවුම් මල් පැකේජයක් යුන්නන් පළාතේ කුන්මින් නගරයේ සිට අධිවේගී දුම්රියකින් අද(05) සිචුවාන් පළාතේ චෙංඩූ නගරයට ප්‍රවාහනය කර තිබිණ.
මෑත වසරවල චීනයේ භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තයේ විධිමත් වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. පැකේජ ප්‍රමාණය ගතහොත්, ‘වාර්ෂික බිලියන 10’ක මට්ටමක සිට ‘මාසික බිලියන 10ක්’ දක්වා වර්ධනය වී තිබේ. ජාත්‍යන්තරකරණය සමග සමස්ත ලෝකයම ආවරණය වන නවීණ භාණ්ඩ බෙදාහැරීමේ සේවා ජාලයක් නිර්මාණය වී තිබේ. චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ කර්මාන්තය රටේ ආර්ථික වර්ධනය හා ජන ජීවිතය යහපත් කිරීමට ප්‍රබල පිටුබලයක් වී තිබේ. එසේම ගම්බද හා නාගරික පරතරය අවම කරමින් පොදු පොහොසත්කම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් කර්මාන්තයක් බවට අද වනවිට එය පත්ව ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්