චීනයේ පෞද්ගලික ආර්ථික අංශයේ ව්‍යාප්තියෙහි වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. නිල දත්තවලට අනුව පසුගිය මැයි මස අවසානයේ චීනයේ පෞද්ගලික ආර්ථික ඒකක සංඛ්‍යාව මිලියන 185 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සියයට 2.3 ක වාර්ෂික වර්ධනයක් සහිතව ය.
චීන වෙළඳපොල රෙගුලාසි පිළිබඳ මහ පරිපාලනයේ වාර්තාවන්ට අනුව පෞද්ගලික ව්‍යවසායන් සහ තනි පුද්ගල ව්‍යාපාරිකයින් ඇතුළත් සමස්ත පෞද්ගලික ආර්ථික අංශය පසුගිය මැයි මස අවසන් වනවිට රටේ සමස්ත ව්‍යාපාරික ආයතනවලින් සියයට 96.76ක් නියෝජනය කරයි.
විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපාරික ආයතන තාක්ෂණික නවෝත්පාදන සඳහා ආයෝජන අඛණ්ඩව වැඩි කර, නව බලශක්ති සහ උසස් තත්ත්වයේ උපකරණ නිෂ්පාදනය වැනි උපායමාර්ගික නව්‍ය කර්මාන්තවල සක්‍රීය ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමයි. එබැවින් කාර්මික යාවත්කාලීන කිරීම් සහ ස්ථාවර ආර්ථික වර්ධනය සඳහා එය තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇති බව ද චීන රාජ්‍ය වෙළඳ පාලන අධිකාරිය පෙන්වා දෙයි.
More Stories
චීන-ඉක්වදෝර සබඳතා ශක්තිමත් කිරීමට දෙරට ජනපතිවරුන් අතර සාකච්ඡා
චීන-ඇමරිකා ‘ලන්ඩන් රාමුව’ පිළිබඳ පැහැදිලි කිරීමක්
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ 10වැනි පාලක මණ්ඩලයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන අගමැති එක්වෙයි