චීනයේ පරිභෝජන දිරිගන්වන ප්‍රතිපත්තියෙන් විදෙස් ආයෝජක විශ්වාසය වඩාත් තහවුරු වෙයි

චීන වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2024 වසරේ දී ‘නව වාහන සඳහා පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීම දිරිගැන්වීමේ ප්‍රතිපත්තිය’ක්‍රියාත්මක කිරීමෙන් පසු, අදාල දීමනාව සඳහා අයදුම්පත් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත‍. විදේශ සමාගම් මෙයින් ද ප්‍රතිලාභ ලබා තිබේ. ඇතැම් විදේශ ආයෝජන සහිත මෝටර් රථ සමාගම්වල අලෙවියෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක්, එම ප්‍රතිපත්තියෙන් ලැ‍බිණ. 

මේ අතර මෙම වසරේදී ඇතැම් විදේශ ආයෝජනය සහිත ගෘහස්ථ විදුලි භාණ්ඩ නිෂ්පාදන සමාගම්වල අලෙවිය ද 30% කට වඩා වැඩි අනුපාතයකින් ඉහළ ගොස් තිබේ. විදේශීය ආයෝජකයින් චීනය තුළ ව්‍යාපාර පවත්වා ගෙන යාමේ විශ්වාසය  තව තවත් ශක්තිමත් වූ බව ඉන් පිළිබිඹු වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com